Windows 7, 8 , 8.1, 10 මෙහෙයුම් පද්ධති වල ඇති ReadyBoost පහසුකම භාවිතා කර ඔබේ පරිගණකයේ වේගය වැඩි කර ගන්න


Windows 7 සහ Windows 8  මෙහෙයුම් පද්ධති තුළ ඇති, පරිගණකයේ ඇති RAM මතක ධාරිතාව තරමක් වැඩි කර ගැනීම සඳහා රෙඩිබූස්ට් පහසුකම ප්‍රයෝජනවත් වේ. මෙය සිදු කරනු ලබන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්  වැනි එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක් ( පෙන් ඩ්‍රයිව් ) හෝ මෙමරි කාඩ් එකක් යොදාගනිමිනි.

                රෙඩිබූස්ට් පහසුකම සක්‍රීය කර ගැනීමට 4GB හෝ ඊට වඩා වැඩි ඕනෑම ධාරිතාවයකින් යුක්ත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හෝ මෙමරි කාඩ් එකක් භාවිතා කළ හැකිය. මෙම පහසුකම සක්‍රීය කරන අවස්ථාවේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තුළ හෝ මෙමරි කාඩ් එක තුළ වෙනත් ෆයිල් අඩංගු වුවාට ගැටලුවක් ඇති නොවේ. නමුත් අවම වශයෙන් 3GB වැනි අවම ඉඩක් පැවතිය යුතු යි.  

               මෙම රෙඩිබූස්ට් පහසුකම සක්‍රීය කර ගැනීම සඳහා පළමුව My Computer  වින්ඩෝවට ඇතුළු වන්න ඉන්පසුව එය තුළ ඇති, ඔබ මෙම කාර්ය සඳහා යොදා ගන්නා Flash Drive  එකේ අයිකන් එක මත රයිට් ක්ලික් කර, ලැබෙන මෙනූව තුළින් Properties  යන්න ක්ලික් කර, Properties ඩයලොග් බොක්ස් එක විවෘත කර ගන්න. පසුව මෙම Flash Drive එක රෙඩිබූස්ට් පහසුකම සඳහා සහය දක්වනවා දැයි දැන ගැනීමට ReadyBoost යන ටැබ් එක මත ක්ලික් කරන්න. එවිට එම වින්ඩොව මත This Device cannot be used for ReadyBoost ලෙස මෙසේ සඳහන් වී තිබේ නම් රෙඩිබූස්ට් පහසුකම භාවිතා කළ නොහැකි වේ. මේ නිසා Flash Drive එක Format  කිරීමට සිදුවේ.  ( මෙම නිසා Flash Drive එක තුළ ඇති සියලු දත්ත ඉවත් වී යයි ). නැතහොත් වෙනත් භාවිතා කළ යුතුයි. ඉහත කී පරිදි Format කර හෝ වෙනත් Flash Drive  එකක් භාවිතා කර නැවත ත් ඉහත කී පරිදි Properties  ඩයලොග් බොක්ස් එක ලබා ගන එහි ReadyBoost යන ටැබ් එකට ක්ලික් කර ගන්න. එවිට එහි Speed up your system by utilizing the available space on this device ලෙස සටහන් ව තිබේ නම් මෙම Flash Drive එක රෙඩිබූස්ට් පහසුකමට සහය දක්වයි.

             මේ ආකාරයට සකසා ගත් Flash Drive එකේ ඉතිරිව ඇති සම්පූර්ණ ඉඩ ප්‍රමාණය රෙඩිබූස්ට් පහසුකම සඳහා යොදා ගන්නේ නම්, Dedicate this device to ReadyBoost යන ඔප්ෂන් එක සිලෙක්ට් කර ගත යුතුය. එසේ නොමැතිව Flash Drive එකේ ඉතිරිව ඇති ඉඩ ප්‍රමාණයෙන් ඔබ කැමති ඉඩ ප්‍රමාණයක් රෙඩිබූස්ට් පහසුකමට යොදා ගන්නේ නම්, Use this device යන ඔප්ෂන් එක සිලෙක්ට් කළ යුතුය. එවිට Space to reserve for system speed යන්නට පහළින් ඇති ස්ලයිඩර් එක සක්‍රීය වෙයි. දැන් මේ තුළින් රෙඩීබූස්ට් පහසුකමට යොදා ගන්නා ඉඩ ප්‍රමාණය තෝරා දිය යුතුයි. මේ කුමන ආකාරයට හෝ  රෙඩිබූස්ට් පහසුකම තේරීමෙන් පසු මෙම ඩයලොග් බොක්ස් එකට පහළින් ඇති OK යන බට්න් එකට ක්ලික් කරන්න. දැන් Flash Drive එක රෙඩිබූස්ට් සඳහා සකස් වෙයි. එවිට Flash Drive එක තුළ ReadyBoost.sfcache ලෙස ෆයිල් එකක් සකස් වෙයි. මෙය ක්‍රියාත්මක වූ පසු රෙඩිබූස්ට් සඳහා වෙන් වූ ඉඩ ප්‍රමාණය Flash Drive එකේ ධාරිතාවෙන් අඩු වී පෙන්වයි.

                   මේ ආකාරයට රෙඩිබූස්ට් ක්‍රමයට ක්‍රියාත්මක වන Flash Drive එකක සකසා ඇති සෙටින්ංස් එක් වරක් සකස් කළ විට එම විධාන ඉවත් කරන තුරු දිගටම ක්‍රියාත්මක වෙයි. එනම්, Flash Drive  එක පරිගණකයෙන් ඉවත් කළ විට, ඒ වන විට එමඟින් පරිගණකයට සැපයූ මතක ධාරිතාව අහෝසි වී ගියද, නැවත එම Flash Drive එක පරිගණකයට සම්බන්ධ කළ පසු රෙඩිබූස්ට් ආකාරයට නැවත එම මතක ධාරිතාව පරිගණකයට සපයයි. එමෙන්ම මෙම රෙඩිබූස්ට් පහසුකම සඳහා ලබා දී ඇති ඉඩ ප්‍රමාණය වෙනත් වැඩකට යොදාගත නොහැකි වේ. එසේ කිරීමට අවශ  වුවහොත් මෙම පහසුකම ඉවත් කළ යුතුය.
              
               රෙඩිබූස්ට් ආකාරයට ක්‍රියාත්මක වන Flash Drive එකක සෙටිංස්  ඉවත් කිරීම සඳහා My Computer වින්ඩෝව තුළින්, Flash Drive එකේ අයිකන් එක මත රයිට් ක්ලික් කර Propeties යන්නට ක්ලික් කර එම ඩයලොග් බොක්ස් එක ලබා ගන්න. දැන් එහි ඇති ReadyBoost යන ටැබ් එක තෝරා ගත යුතුයි. ඉන් පසුව එහි ඇති Do not use this device නම් ඔප්ෂන් එක සිලෙක්ට් කර, OK බට්න් එකට ක්ලික් කරන්න. එවිට රෙඩිබූස්ට් සෙටිංස් ඉවත් ව ගොස් Flash Drive එක කලින් තිබූ ආකාරයට පත් වෙයි. 


මෙම Windows ReadyBoost පහසුකම තවත් පැහැදිලිව දැන ගැනීමට පහත වීඩියෝව බලන්න.


Windows 7


Windows 8 & 8.1


Windows 10

Comments