පරිගණකය තුළ තිබූ නැති වී ගිය දත්ත නැවත පරිගණකයට ලබා ගන්නා ආකාරය.


අප විසින් එදිනෙදා පරිගණකය භාවිතා කිරීමේ දී වයිරසයක් ඇතුලු වීමෙන්, අත් වැරදීමකින් හෝ FORMAT කිරීමෙන් පරිගණකය තුළ ඇති වැදගත් තොරතුරු ඇති ෆයිල්ස් මැකී යා හැකියි. මෙසේ සිදු වු විට නැවත එම ෆයිල්ස් පරිගණකයට ලබා ගැනීමට  DATA RECOVERY වැඩසටහනක් යොදා ගත හැක.  Mini Tool Power Data Recovery මෙලෙස යොදා ගත හැකි එක වැඩසටහනකි.


          මෙහි ඇති විශේෂත්වය නම්, මෙමඟින් FORMAT කළ පාර්ටිෂන් වල තිබූ දේවල්, පාර්ටිෂන් වල තිබූ මැකී ගිය දේවල් සහ ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ මෙමරි කාර්ඩ් තුළ තිබූ මැකී ගිය ෆයිල්ස් නැවත පරිගණකයට ලබා ගත හැකිය. මෙම මෘදුකාංගය විවෘත කළ පසු පහත නම් සහිත අයිකන් එම වින්ඩෝව තුළ පෙන්වයි.  

  • Undelete Recovery :- මෙම අයිකනය හරහා ගොස් මකනු ( DELETE ) ලැබූ ෆයිල්ස් නැවත පරිගණකයට ලබා ගත හැකිය.
  • Lost Partition Recovery :- මකනු ලැබූ පාර්ටිෂන් වල තිබූ ෆයිල්ස් මෙමඟින් නැවත ලබා ගත හැක.
  • Damage Partition Recovery :-හානි වී ඇති පාර්ටිෂන් වල තිබූ ෆයිල්ස් මෙමඟින් නැවත ලබා ගත හැක.
  • Digital Media Recovery :- ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ මෙමරි කාඩ් තුළ තිබූ ෆයිල්ස් මෙමඟින් නැවත ලබා ගත හැක.
  • CD / DVD Recovery :-  CD  සහ DVD තැටි වල තිබෙන,  දැනට ලබා ගත නොහැකි  දත්ත මෙමඟින්          නැවත ලබා ගත හැක.


මෙම මෘදුකාංගය Download කර ගැනීමට පහත බට්න් එකට Click  කරන්න.
https://www.powerdatarecovery.com/download/pdr75free.exe

මෙම මෘදුකාංගය නිසි අකාරයෙන් භාවිතා කරන ආකාරය දැනගැනීමට පහත වීඩීයෝව බලන්න.




Comments

  1. Merkur Slots Machines - SEGATIC PLAY - Singapore
    Merkur worrione.com Slot Machines. 5 star rating. 바카라 사이트 The Merkur Casino game www.jtmhub.com was the first to https://jancasino.com/review/merit-casino/ feature video slots in the entire https://septcasino.com/review/merit-casino/ casino,

    ReplyDelete

Post a Comment