අන්තර්ජාලයේ වේගය වැඩි කර ගන්නා ආකාරය


මේ වන විට බොහෝ දෙනෙක් Dialog, Mobitel, Etisalat,Hutch වැනි විවිධ ආයතන ඔස්සේ අන්තර්ජාල පහසුකම භාවිතා කරයි. නමුත් අපේ රටේ සෑම ප්‍රදේශයකටම හොඳින් 3G Signal හරිහැටි ක්‍රියා නොකරයි. එම නිසා අන්තර්ජාල වේගය වැඩි කර ගැනීමට විවිධ ක්‍රම පවතී. නමුත් ඒ සමහරක් ක්‍රම අපේ රටට ගැළපෙන්නේ නෑ. මං අද කියලා දෙන්න යන්නේ 100% විශ්වාසදායි ක්‍රමයක්. මේ සඳහා පහත දක්වා ඇති ක්‍රියා පිළිවෙත අනුගමනය කරන්න.

පළමුව Start Menu එකට ගොස් එහි Search බොක්ස් එකේ RUN ලෙස ටයිප් කර Enter බට්න් එක ඔබන්න. නැතහොත් Win +R බට්න් දෙක ඔබා RUN වින්ඩෝව ලබා ගන්න. ඉන් පසුව පහත ආකාරයට RUN වින්ඩෝ එක මත GPEDIT.MSC ලෙස ටයිප් කර OK බට්න් එකට ක්ලික් කර ගන්න.




එවිට පහත ආකාරයට Local Group Policy Editor වින්ඩෝව විවෘත වෙයි. එහි Administrative Templates යන්න ඩබල් ක්ලික් කර ගන්න.


එවිට පහත ආකාරයට පෙන්වයි. මෙහි Network යන්න ක්ලික් කර ගන්න.


එවිට මෙලෙස වින්ඩෝව ඔබට දිස්වේ. මෙහි QoS Packet Scheduler යන්න ඩබල් ක්ලික් කරන්න.


ඉන්පසුව ඔබට පහත ආකාරයේ වින්ඩෝවක් පෙන්වයි. එහි Limit Resealable Bandwidth යන්න ඩබල් ක්ලික් කරන්න.


එවිට පහත පරිදි  Limit Resealable Bandwidth නමින් වින්ඩෝවක් විවෘත වෙයි.


ඉහතින් ලැබුණු වින්ඩෝවෙ Not Configured යන්න වෙනුවට Enabled යන්න සිලෙක්ට් කර ගන්න.


අවසාන වශයෙන් පහත පරිදි ඇති Bandwidth limit හි අගය 20 වෙනුවට 0 ලෙස යොදන්න.


දැන් Apply කර OK කරන්න.

Comments